
උතුරු මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි
උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව අද (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදෑසන 8.20 ට මහව හංදිය දක්වා පිටත් වන දුම්රිය සහ මහව හංදිය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.50 ට පිටත් වන කුරුණෑගල දුම්රිය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.