![තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත් තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/02/train-seat.jpg?quality=100&f=auto)
තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්
කොළඹ කොටුව – බදුල්ල, දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පැවසුවේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ගත් තීරණයකට අනුව එම පහසුකම යළි ක්‍රියාත්මක බවයි.
ලබන මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඊයේ (06) තීරණය කර තිබූ බවත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක හා තලෙයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ මෙලෙස තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම ඉවත් කිරීමට නියමිතව තිබූ බවත් වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.