මැතිවරණ රාජකාරි සඳහා විශේෂ දුම්රියක්

මැතිවරණ රාජකාරි සඳහා විශේෂ දුම්රියක්

ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසීය.

අද (19) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන මෙම දුම්රිය කුරුණෑගල, අනුරාධපුරය යන දුම්රිය ස්ථානවල නතරකර කන්කසන්තුරේ දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතය.