දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ වේලාව යළිත් සංශෝධනය වෙයි

දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ වේලාව යළිත් සංශෝධනය වෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ගේ පහසුව තකා ලබා දී ඇති දුම්රිය ආසන කලින් වෙන් කරගැනීම සඳහා පවතින වේලාව නැවතත් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, දුම්රිය ආසන වෙන්කර ගැනීම සැප්තැම්බර් මස 01 වැනි දින සිට සෑම දිනකම පෙරවරු 10 සිට සිදු කෙරෙන බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ආසන වෙන් කිරීමේ කටයුතු මේ වන විට රාත්‍රී 07.00 ට ආරම්භ වන අතර නැතවත් පෙර පරිදි එය උදෑසන 10.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.