කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අද (16) දිනයේ අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

ඒ අනුව, කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගුකර තිබේ.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ගම්බිම් කරා ගිය පිරිසට නැවත සේවා ස්ථාන සඳහා පැමිණීමට අතිරේක දුම්රිය සේවා අද දිනයේත් ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වේ.

Share This