උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

තලවකැලේ සහ වටගොඩ අතර අද (05) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇත.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර තිබේ.

ඒ අනුව, මඟීන්ගේ පහසුව සඳහා බස් රථ යොදවා ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර කුඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී තිබේ.