දීර්ඝ සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ දුම්රිය සේවා

දීර්ඝ සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ දුම්රිය සේවා

ශ්‍රිපාද වන්දනා සමය හා පාසල් නිවාඩු සමය වෙනුවෙන් මෙන්ම එළැඹෙන දීර්ඝ සති අන්තය හේතුවෙන් අද (28) සිට 31 වන දින දක්වා කොළඹ කොටුවේ සිට බදුල්ල, අනුරාධපුර, ත්‍රිකුණාමලය දක්වා විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අද (28) සහ ලබන 31 වනදා රාත්‍රී 07ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් එම දින දෙකෙහි පස්වරු 05.20ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රියන් ධාවනය වේ.

එමෙන්ම, හෙට (29) අනිද්දා (30) සහ ලබන 31 වනදා පෙරවරු 06.35 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් එම දින තුනෙහි සවස 05.20ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

හෙට (29) සිට ලබන 31 වනදා දක්වා පෙරවරු 05.15ට කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත් එම දින තුනෙහි පස්වරු 1ට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

මෙම දුම්රියවල පළමු, දෙවන, තුන්වන පන්ති සඳහා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් ද සළසා තිබේ.