පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක්

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක්

මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසිනුයි නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අදාළ ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

එමෙන්ම, මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

Share This