රියදුරු වර්ජනයෙන් දුම්රිය රැසක් අවලංගුයි

රියදුරු වර්ජනයෙන් දුම්රිය රැසක් අවලංගුයි

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවැසීය.

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

එම අවලංගු කර දුම්රිය අතරට කාර්යාල දුම්රිය රැසක්ද ඇතුලත් බවද ඉඳිපොළගේ මහතා වැඩිදුරටත් කීය.

මේ අතර, ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල නොවුන ද අද පස්වරුවේ ධාවනය වන සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ ඇති බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ විධායක කමිටුව විසින් ගත් තීරණයක් නොවන අතර සංගමයේ ලේකම්වරයා විසින් ගත් තීරණයකට අනුව වර්ජනය සිදුකරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය.

 

Share This