ඉදිරියේදී දුම්රියට සහ බස් රථයට කාන්තා රියදුරුවරියන්

ඉදිරියේදී දුම්රියට සහ බස් රථයට කාන්තා රියදුරුවරියන්

දුම්රිය සේවයට මෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අය වැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අප රටේ දුම්රිය සේවය Sexy වී ඇති බවත් එය තවම Healthy වී නැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

දුම්රියක් ප්‍රමාද වූ විට මගීන් විශාල පිරිසකට ඉන් බලපෑමක් ඇති වන බවත් එය නැතිකර වසරක් ඇතුළත ජනතා ආරක්ෂිත දුම්රිය සේවාවක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.

එහිදී දුම්රිය ස්ථාන සහ විශේෂ දුම්රිය පෞද්ගලික අංශය වෙත ලබාදී Branded කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා පෞද්ගලික අංශයට ආරාධනා කරන බව ද හෙතෙම සදහන් කළේය.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන ක්ෂේත්‍රය ඉදිරියේ දී කාන්තාවන්ට භාරදීමේ බලාපොරොත්තුවක් ද ඇති බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියේය.