පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ඉහළට

පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ඉහළට

පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ද ඉහළ දමා තිබෙනවා , ඒ වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමත් සමඟයි.

ඒ, අනුව පොදු වැසිකිළි සඳහා මෙතෙක් අයකළ රුපියල් 10.00ක ගාස්තුව රුපියල් 20.00ක් දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල් 20.00ක්ව පැවති ගාස්තුව රුපියල් 30.00ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

වැට් බද්ද සමඟ ජල බිල්පත් ගාස්තු වැඩිවීමත් සමඟ පොදු වැසිකිළි සඳහා අය කෙරෙන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඊයේ (01) දිනයේ සිට රජය විසින් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කළ අතර, මේ හේතුවෙන් භාණ්ඩ සහ සේවා රැසක මිල ගණන් ඉතා සීඝ්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.

Share This