ටික්ටෝක් එකෙන් නිරුවත පෙන්නා ලක්ෂ 50ක් ගැරූ කතුන් 3ක් අත්අඩංගුවට

ටික්ටෝක් එකෙන් නිරුවත පෙන්නා ලක්ෂ 50ක් ගැරූ කතුන් 3ක් අත්අඩංගුවට

ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන සිටින යාපනයේ උපන් 53 හැවිරිදි ද්‍රවිඩ පුද්ගලයෙකුව රවටා රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචනිකව ලබාගත් යාපනයේ කාන්තාවන් තුන්දෙනෙකු පොලීසිය විසින් ඊයේ (8) දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් තුන් දෙනා සංවිධානය වී වයස අවුරුදු 23 ක තරුණියක් යොදාගෙන සකස් කළ ටික් ටොක් වීඩියෝවක් ස්විස්ටර්ලන්තයේ සිටි පුද්ගලයාගේ ජංගම දුරකතනය වෙත යවා ඇත.

පසුව එම තරුණිය හා ස්විස්ටර්ලන්ත ජාතිකයා අතර මිතුදමක් ගොඩනගා එය ක්‍රමයෙන් ලිංගිකව හැසිරීමට කැමති තැන දක්වා වර්ධනය කර ගැනීමත් සමග දෙදෙනා වීඩියෝ ඔස්සේ ලිංගික ක්‍රියාවන්ද සිදු කොට තිබෙන බව පැවසේ.

පසුව ස්විස්ටර්ලන්ත ජාතිකයා ඇය සදහන් කළ බැංකු ගිණුමට වරින් වර මුදල් එවා ඇත.

එම මුදලෙන් කොටසක් එවා ඇත්තේ ස්විස් ජාතිකයා යාපනයට පැමිණි පසුව ඔවුන් දෙදෙනාට එකට ජීවත් වීමට සුඛෝපභෝගී කාමරයක් ඉදි කිරීම පිණිසය.

තරුණිය එසේ ජීවත් වීමට කැමති බව ස්විස්ටර්ලන්ත ජාතිකායට දැණුම් දීමෙන් පසුව ඔහු ඒ සඳහා මුදල් එවා තිබේ.

කාලයත් සමග එම තරුණිය වෙනස් වී ඇති අතර දුරකතන ඇමතුම් ලබා ගැනීම පවා නැවතී ඇත.

ස්විස්ටර්ලන්ත ජාතිකයා එහි සිට යාපනයේ සිටින තම ඥාතීන් බැලීමටත් පෙම්කළ තරුණිය සමග නිවාඩුවක් ගත කිරීමටත් සිතා යාපනයට පැමිණි පසුව තරුණිය සඳහන් කළ ලිපිනයේ එවැනි අයෙකු පදිංචි නොමැති බව අනාවරණය වී ඇත.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිලි කොට තමන් මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් අංකද පොලීසියට බාර දී තිබේ.

බැංකු ගිණුම් ඔසේ පරීක්ෂණ සිදු කළ යාපනය පොලීසියට එම ගිණුම වයස අවුරුදු 47 ක කාන්තවකගේ බවට තහවුරු වීමෙන් පසුව පොලීසිය ඇයව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ඇත.

ඇය මේ සිද්ධියේ සියල්ල හෙළි කිරීමෙන් පසුව පොලීසිය එම කාන්තාවන් තුන් දෙනාම අත්ඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් නොකරණ ලෙසත් ලබා ගත් මුදල් ඉතාම ඉක්මනින් ආපසු ලබා දෙන බවටත් පොලීසියට පොරොන්දු වී ඇතත් යාපනය පොලිසිය මේ කාන්තාවන් තිදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.