තරුෂි සහ ගයන්ති ආසියානු මීටර් 800 ධාවන අවසන් තරගයට සුදුසුකම් ලබයි

තරුෂි සහ ගයන්ති ආසියානු මීටර් 800 ධාවන අවසන් තරගයට සුදුසුකම් ලබයි

තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්හ.

තරුෂි කරුණාරත්න සහභාගී වුණේ තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් මූලික වටයේ තරගයටයි.

එහිදී ඇය මිනිත්තු 2යි තත්ත්පර 5. 48ක දක්ෂතාවක් දක්වමින් දෙවැන්නා ලෙස තරගය අවසන් කළා ය.

මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයට එක්වූ ගයන්තිකා අබේරත්න අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ මිනිත්තු 2යි තත්ත්පර 7. 17ක දක්ෂතාවක් දක්වමිනි.

ඒ අනුව ඔවුන් දෙදෙනා මුහුණ දෙන අවසන් තරගය හෙට චීනයේ හන්ග්ජෝව්හිදි පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි සහය ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ , එම ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයේදී මිනිත්තු 3යි තත්ත්පර 6.6ක දක්ෂතාවක් දක්වමිනි.

එහිදී දිනුක දේශාන්, රාජිත රාජකරුණා, පසිදු ලක්ෂාන් සහ පබසර නිකූ ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

Share This