ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගයට බාධා

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගයට බාධා

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

තරගය පැවැත්වීමට නියමිත ගුවාති හි බරස්පාරා ක්‍රීඩාංගණය සහ ඒ අවට වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර පුහුණු තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ තිරුවන්නාතපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

මේ අතර ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩයාමේ නායක පැට් කමින්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන්නේ හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.