යාපනේ තිස්ස විහාරය රැක ගන්න දෙමළ ජනතාව පෙරට එති

යාපනේ තිස්ස විහාරය රැක ගන්න දෙමළ ජනතාව පෙරට එති

යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අවට දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් මේ වන විට ඉදිරිපත් වී සිටිති.

ඔවුන් විශාල පෙරහැරකින් විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති ගින්තොට නන්දාරාම නායක හිමියන්ගේ ධර්ම දේශනයකට සවන් දී පසුව පැවති විශේෂ බුද්ධ පූජාවෙන් පසුව සියලුම දෙමළ වැසියන් පිරිත් නූල් බැද ආශිර්වාද ලබා ගත්හ.

අනතුරුව පළාතේ දෙමළ දායකයන් හා හා විහාරාධිපති හිමියන් විසින් ගම් වැසියන් සඳහා බත් දන්සැලක් පැවැත් වූ අතර ඊට සහභාගී වූ යාපනයේ වැසියන් ප්‍රකාශ කොට සිටියේ ආගමික ස්ථාන සම්බන්ධයෙන් විරසකවීම් හා විරෝධතා පැවැත්වීම නතර කොට ආගමික සහජීවනය ඇති කළ යුතු බවයි.

මෙම වැඩසටහන සඳහා යාපනයේ වෙසෙන ආගමික නිදහස අගයන සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් සහභාගී වූ අතර මෙහි තරුණ සහභාගීත්වය කැපී පෙනන කාරණයක් විය.

Share This