දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගැන්වීය.