හිටපු ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක කැමරා ශිල්පියෙකුට මරණ තර්ජනය කරලා
ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඉකුත් 11 වෙනි දින රාත්රියේදී ඡායාරූප ශිල්පී ඩබ්ලිව් ඩි තිලක් නිශාන් මහතා කහතුඩුව නිවසේ සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට වට්සැෆ් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබාගෙන තිබූ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙලෙස මරණීය තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.
රාජකාරී සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට තමන් පිළිතුරු ලබා දීමෙන් අනතුරුව “තෝ ඉන්න තැන මම දන්නවා, උඹව ගෙදරට ඇවිල්ලා කපලා මරනවා , උඹ දන්නෙ නැහැ මගේ හැටි, යැයි පවසමින් මරණීය තර්ජනය කළ බව පවසමින් පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.