ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට

බංකොලොත්වීම හේතුවෙන් වසාදැමුණු “ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී” ආයතනයේ තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම හෙට (06) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෑතක දී නීතිගත කරන ලද 2023 අංක 17 දරණ බැංකු (විශේෂ විධිවිධාන) පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව, ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනයේ සුදුසුකම්ලත් තැන්පතුකරුවන් / අදාළ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2024.02.06 වන දින සිට නැවත ආරම්භ කරනු ලබන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙම රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2024.05.21 දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.