රාජගිරියේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක ගින්නක්

රාජගිරියේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක ගින්නක්

රාජගිරිය තැප්‍රෝබේන් උත්සව ශාලාවේ ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ ‘CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය 2025’ තරගය අතරතුර මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තරගය අවසන් වීමට ආසන්න අවස්ථාවේ දී එම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

උත්සව ශාලාවේ තිර රෙදි වල ගින්න හටගෙන අනතුරුව විනාඩි කිහිපයක් තුළ සමස්ත ශාලාව තුළම ගින්න පැතිර ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කර තිබෙනවා.

කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන අංශ ගින්න පාලනය කිරීමට උත්සාහ කළ ද ඒ වනවිටත් ශාලාව පුරා ගින්න පැතිරීගොස් තිබෙනවා.