තණමල්විල සිසුවිය අපයෝජන සිද්ධියට තවත් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

තණමල්විල සිසුවිය අපයෝජන සිද්ධියට තවත් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසැල් සිසුන් තිදෙනකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 15, 16 වයසේ පසුවන අය බවයි, පොලිසිය පැවසුවේ.

අදාළ දැරිය විසින් තණමල්විල පොලිසියට ලබා දුන් ප්‍රකාශයක් අනුව ලුණුගම්වෙහෙර පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු මෙම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකාර සිසුන් දැරියගේ මිතුරන් වන බවත් ඉකුත් අප්‍රේල් මාසයේදී ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ විදුහලක පැවති බක්මහ සැණකෙළියක් නැරඹීමට පාසැල් දැරිය පැමිණි විට සැකකාර සිසුන් තිදෙනා ඇය පාසැල තුලදීම ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.