ලෝක කුසලානයට තෙමසක් තිබියදී බංග්ලාදේශ නායකයා ජාත්‍යන්තර පිටියට සමුදෙයි
බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස 3ක් තිබියදීයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.
මාධ්‍ය හමුවකට එක් වූ තමීම් හැඟීම්බරව කඳුළු සලමින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.
ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරඟය පරාජයට පත් වී දිනකට පසුවයි තමිම් ඉක්බාල් මෙම තීරණය ගෙන ඇත්තේ.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායමට නව නායකයෙකු මෙතෙක් නම් කර නැහැ.
ෂකීබ් අල් හසන් T20 කණ්ඩායම මෙහෙයවන අතර ලිටන් දාස් ටෙස්ට් කණ්ඩායමේ නායකයා යි.
ඊයේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති පළමු එක්දින තරගය ඔහුගේ අවසාන ජාත්‍යන්තර තරගය බව තමීම් ඉක්බාල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
වසර 16ක් පුරා බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තමීම් එක්දින තරග 241කදී ලකුණු 8313ක් රැස්කරගෙන තිබෙනවා.
එමෙන්ම ටෙස්ට් තරග 70කදී ඔහු ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 5134ක්.