වැටලීමකට ගිය තලාව OIC ට තියුණු ආයුධ ප්‍රහාරයක්

වැටලීමකට ගිය තලාව OIC ට තියුණු ආයුධ ප්‍රහාරයක්

ඊයේ (03) රාත්‍රියේ වැටලීමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.

මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ පිරිසක් විසින් ස්ථානාධිපතිවරයාට තියුණු ආයුධයක් මෙලෙස පරදී ඇත.

පහරකෑමෙන් තුවාල ලැබු ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීම සිදුකළ සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.