
ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවදානය යොමු කළ යුතු මට්ටමක
ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 අතර අවධානය යොමු කලයුතු මට්ටමක පවතිනු ඇති බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
මේ අනුව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකිරීම වඩාත් සුදුසු වන අතර ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතාම වැදගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම, නිවෙස් තුළ රැදී සිටින වැඩිහිටි, රෝගී පුද්ගලයින් සහ දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.