ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී ඇති වරෙන්තුවකට අනුවයි.

ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු පවෙල් ඩුරොව් පොලිසිය විසින් රඳවාගෙන සිටි බවයි, ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ.

ටෙලිග්‍රෑම්හි සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩුරොව් මහතාට චෝදනා එල්ල වි තිබේ.