ගුරු පත්වීම් 26,000ක් ගැන ඇමතිගෙන් ඉඟියක්

ගුරු පත්වීම් 26,000ක් ගැන ඇමතිගෙන් ඉඟියක්

ගුරු, විදුහල්පති හිඟයට ඉදිරි සති කිහිපයේදී විසඳුම් ලබාදීමට රජය සැලැසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගුරු මාරුවීම් සම්බන්ධයෙන් ද පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ගුරුවරු 26,000ක් බඳවා ගැනීමට අවශ්‍යතාවය ඇති අතර ඒ වෙනුවන් සිංහල ගුරුවරුන් මෙන්ම දෙමළ ගුරුවරුන් ද තෝරා ගැනීමට නියමිත බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.

Share This