පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සදහා අද (09 ) උදෑසන දිවයිනට පැමිණියේය.

ඒ අනුව, පකිස්තාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ සිටියහ.

ඔවුන් අද උදෑසන 09.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී.ක්‍රිකට් පිටියේ දී මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.