තේ පානය කිරිමෙන් පසු රෝගී වූ ගුරුවරියන් 6ක් රෝහලට

තේ පානය කිරිමෙන් පසු රෝගී වූ ගුරුවරියන් 6ක් රෝහලට

පානදුර පාසලක තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයකින් ගුරුවරියන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.‍

ගුරුවරියන් පිරිස අද විවේක කාලයේ තේ පානය කර ඇති අතර , එයින් යම් ආසාද්මිකතාවක් ඇතිවන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය පැවසීය .

අසනීප වූ ගුරුවරියන් හය දෙනකු පාරදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන් කලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Share This