තේ පොහොර සහනාධාරය සඳහා මිලියන 2400ක් තේ මණ්ඩලයට

තේ පොහොර සහනාධාරය සඳහා මිලියන 2400ක් තේ මණ්ඩලයට

තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී තිබෙනවා.

තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන පසුගිය සතියේ සිට ක්‍රියාත්මක බවයි කෘෂි කාර්ම අමාත්‍යංශය සඳහන් කළේ

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් මේ යටතේ රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වැඩි කිරීමට නම් සියලුම තේ වගාවන්ට පොහොර යෙදීම අත්‍යවශ්‍යි.

එයට හේතුව නම් වසර කිහිපයක් තිස්සේ තේ වගාවට පොහොර නොයෙදීම නිසා තේ දළු අස්වැන්න සීග්‍රයෙන් අවමවීමයි.

මේ නිසා පසුගිය සතියේ සිට තේ පොහොර සහනාධාරය වශයෙන් කිලෝග්‍රෑම් 50ක තේ සඳහා යොදා ගන්නා පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400ක්.

මෙම විශාල මුදල රජයෙන් ලබා නොගෙන තේ වගාකරුවන්ට සහන සැළසීම සඳහා ලබා දීමට පියවර ගත් අතර එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05 හි මිල ගණන් අඩු කර තිබෙනවා.

මේ වනවිට එම පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අලෙවි කර ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 10,000ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සමාගම සතුව පවතිනවා.

දැනට රාජ්‍ය පොහොර සමාගම සතුව පවතින තේ සඳහා වන මිශ්‍ර පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 815, 830ක්.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගම පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කලා