භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, උඳු, මුංඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේදී යටත් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නංවා ඇත.

මෙම ගැසට් පත්‍රයට අනුව, උඳු කිලෝවකට මේ දක්වා අයකළ රුපියල් 200 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ද, කව්පි, කුරක්කන් සහ මිලට් ආනයනයේදී කිලෝවකට අයකළ රුපියල් 70 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ද, ඉහළ නංවා තිබේ.

බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 25 ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර ඇති අතර බඩඉරිඟු, උඳු, මුංඇට, කව්පි හා කුරක්කන් ආනයනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත කළ යුතු බවට ද මෙම ගැසට් නිවේදනයෙන් නියමක් පනවා තිබේ.

ඊයේ (20) දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා මෙම බදු ප්‍රතිශතයන් ක්‍රියාත්මකයි.

Share This