ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරේ

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරේ

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබුණු බවය.

ඒ අනුව, ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 20 -20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබේ.

තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ඉන්දියාවට එරෙහි T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය පහතින්,

චරිත් අසලංක (නායක)

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

කුසල් ජනිත් පෙරේරා

කමිඳු මෙන්ඩිස්

දසුන් ශානක

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

මතීෂ පතිරණ

නුවන් තුෂාර

දුනිත් වෙල්ලාලගේ

දුෂ්මන්ත චමීර

බිනුර ප්‍රනාන්දු

දිනේෂ් චන්දිමාල්

අවිශ්ක ප්‍රනාන්දු

චමිඳු වික්‍රමසිංහ