අසත්‍ය ප්‍රචාරයක් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අසත්‍ය ප්‍රචාරයක් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය.

මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළේය.

සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගත් අතර වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී, සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මෙසේද කියා සිටියේය.

“අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ බලපත්‍ර නිකුත් කිරීම හරහා රුපියල් බිලියන 2ක් එකතු කරගැනීම.

ඒ අනුව අපි මේ වෙනකොට බලපත්‍ර නිකුත් කිරීම හරහා බිලියන 1.75ක් හොයලා තියෙනවා.

ඊළඟට බලපත්‍ර අපි 2023 මැයි සිට අගෝස්තු 20 වෙද්දි බලපත්‍ර 98ක් නිකුත් කරලා තියෙනවා.

2022 දී අපි හොයලා තියෙනවා බිලියන 169ක්. 2023 අපි හොයලා තියෙනවා බිලියන 179ක්. 2024 ඉලක්කය රුපියල් බිලියන 232ක්. 

අගෝස්තු 22 වෙද්දි රුපියල් බිලියන 132.7ක් හොයලා තියෙනවා. ප්‍රතිශතයක් විදියට 24.6%ක වර්ධනයක්.”