කෝටියක අල්ලස් චෝදනාවක් ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කෝටියක අල්ලස් චෝදනාවක් ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා විසින් අල්ලස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම, එහි සභාපතිනී ඊවා වනසුන්දර ඇතුළු කොමසාරිස්වරු සහ එහි නිලධාරීන් පිරිසකුයි නම් කර ඇත්තේ.

නැව් තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපාරයකට අදාළ බලපත්‍රයක් අලුත් කිරීමට අදාළ අයදුම්පතක් තමා හමුවට පැමිණි බවත් තාක්ෂණික හේතුන් 6ක් මත තමා එය ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු ප්‍රකාශ කරනවා.

පසුව අදාළ බලපත්‍රය අලුත් කරන ලෙස දේශපාලකයින් ඇතුළු පාර්ශව කිහිපයකින් තමන්ට බලපෑම් එල්ල වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

පසුව අදාළ බලපත්‍ර නිකුත් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමන්ව ද්වේශ සහගත ලෙස අත් අඩංගුවට ගත් බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Share This