අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුදත්තට එරෙහි නඩුව කැඳවයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුදත්තට එරෙහි නඩුව කැඳවයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පළ කරන ලද වැඩසටහනක් මඟින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

CA/COC/01/2025 අංකය දරණ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එය යළිත් අප්‍රේල් 04 වන දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කළා.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න, නීතීඥ රුවන්ත කුරේ, නීතීඥ ලලිත් පියුම් පෙරේරා, නීතීඥ චෙරාග් නිල්ගිරිය ඇතුලු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියා.