රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්

රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (03) දිනයේත් ක්‍රියාත්මක වෙයි.

එම කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා පැවසුවේ, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් ඊයේ (02) මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ ජනාධිපති ලේකම්වරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද එය ලබා නොදුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් මෙම වර්ජනයට එක්ව සිටී.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමයේ ලේකම් සම්පත් දේශප්‍රිය පැවසුවේ, අධ්‍යාපන පරිපාලන සේවයේ 2000කට අධික විධායක නිලධාරීන් පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි.

Share This