සෞඛ්‍ය සේවක වර්ජනය ඇරඹෙයි

සෞඛ්‍ය සේවක වර්ජනය ඇරඹෙයි

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72ක් අද උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වීම ආරම්භ කර තිබේ.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.

මේ අතර හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසුවේය.