ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.

ශිෂ්‍යත්වයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදය එය සංවිධාන කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇත්දැයි කරුණු සෙවීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබුණේ නැවත විභාගය නොපවත්වා එම ප්‍රශ්න සදහා සියලු දරුවන්ට ලකුණු ලබාදීමටයි.

විරෝධතාකරුවන් පවසන්නේ ප්‍රශ්න තුනකට පමණක් ලකුණු දීමෙන් ඵලක් නොවන අතර විභාගය යළි පැවැත්විය යුතු බවයි.