STARLINK අන්තර්ජාල සේවාවට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර

STARLINK අන්තර්ජාල සේවාවට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ‘සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට’ “විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක්” නිකුත් කර තිබේ.

මෙම බලපත්‍රය 2024 අගෝස්තු මස 12 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි නිකුත් කරනු ලැබූ බවයි, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සඳහන් කළේ.

ස්ටාර්ලින්ක් ආයතනය ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන්ග් මස්ක් හිමිකාරත්වයක් දරන ආයතනයකි.