ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

මහබාගේ පොලිස් වසමේ රාගම, ඇලපිටිවල තාප්පහේන වත්තේ කළ වැටලීමක දී සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ගණේමුල්ල සංජීවගේ සමිපතමයෙක් ලෙස සැලකෙන 34 හැවිරිදි හිටපු හමුදා කපිතාන්වරයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මසකට පෙර, එනම් පසුගිය මස 20 දා හෝමාගම චමිල කොටා නැමති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරිමට සහයදිම හා ආධාර අනුබල දිම සම්බන්ධෙයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 620 ක්, කොකෙන් ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 550 ක්, පිස්තෝල (9mm) උන්ඩ 285 ක්, T56 (7.62×39mm) උණ්ඩ 02 ක්, M16 (5.56×45mm) උණ්ඩ 28 ක්, බෝර 12 උණ්ඩ 06 ක්, ඩෙටනේටරය නොමැති අත්බෝම්බ 04 ක්, යුධ හමුදා නිල ඇඳුම් කමිස 08ක්, යුධ හමුදා නිල ඇදුම් කලිසම් 11 ක් සමගය.

මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මහබාගේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.