හෙලිකොප්ටරයකින් ශ්‍රී පාදස්ථානයට ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක බඩු අරන් යයි

හෙලිකොප්ටරයකින් ශ්‍රී පාදස්ථානයට ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක බඩු අරන් යයි

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටු පහණ ප්‍රදේශයේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් අලුතින් ඉදිකරන විදුලි රැහැන් පද්දතියට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටරයෙන් රැගෙන යැමේ මෙහෙයුම අද (15) දින නල්ලතන්නිය ක්‍රීඩාංගනයේදි ආරම්භ කෙරිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලිම පරිදි මෙම ද්‍රව්‍ය ගුවන් හමුදාව විසින් රැගෙන යන අතර, එය ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මගතාගේ අධික්ෂණය යටතේ ගුවන් හමුදාවේ වින්කමාන්ඩ රසාංග විජේවර්ධන මහතාගේ මෙහෙයවිම යටතේ මෙම මෙහෙයුම දියත් කරනු ලබයි.

මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදාවේ විශාල නිලධාරින් සහ භට පිරිසක් සමග ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුලු විශාල සේවක පිරිසක් සහ නල්ලතන්නි පොලිසියේ නිලධාරින් සහයෝගය දක්වයි.

ශ්‍රී පාදස්ථානාධිපති බෙම්ගමුවේ ධමිමදින්න නා හිමියන්ගේ උපදෙස් පරිදි නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ සීත ගගුලේ සිට ශ්‍රී පාද උඩ මලුව දක්වා කිලෝමිටර් 5ක් දුරට වන්දනා කරුවන්ට සහ ශ්‍රී පාද උඩ මලුවට පෞද්ගලික අංශයක අනුග්‍රහය මත ලබා දීමට කටයුතු කර ඇති පානීය ජල යොජනා ක්‍රමයට අවශ්‍ය පොම්පාගාර ඉදිකිරිම සඳහා අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් 4 ක්, ජල පොම්ප, යකඩ විදුලි කණු කිහිපයක්, විදලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුලු ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය එම්.අයි 17 හෙලිකොප්ටරය මගින් රැගෙන යැමට නියමිත අතර මෙම මෙහෙයුම අද සිට දින කිහිපයක් සිදු කිරිමට නියමිතය.

ශ්‍රි පාද නල්ලතන්නි මාර්ගයේ ගමන් ගන්නා ශ්‍රි පාද වන්දනා කරුවන්ට අවශ්‍ය පානීය ජලය ලබා දීම තුලින් ශ්‍රි පාද වන්දනා කරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බොතල් අවම කිරිම මෙම ජල යෝජනා ක්‍රමය මගින් අපෙක්ෂා කෙරේ.

Share This