ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව, පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමීණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 245ක් රැස්කළේය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්, පැතුම් නිස්සංක ලකුණු 75 ක් ලබා ගත් අතර චරිත් අසලංක ලකුණු 63ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තය වෙනුවෙන් Mark Watt කඩුලු 3ක් සහ Chris Greaves කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රිඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 29ක් තුල සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 163ක් පමණයි.

ස්කොට්ලන්තය වෙනුවෙන් Chris Greaves ලකුණු 56ක් රැස්කිරීමට සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ මූලික තරග සියල්ල අපරාජිතව නිම කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.