ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක තරගය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් කණ්ඩායම් දෙකටම මෙම තරගය ජය ගැනීම අතිශය වැදගත් වනු ඇති.

යම් හෙයකින් මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුවහොත් අවසන් මහ තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වේ.

අවසන් මහ තරගය ලබන 17 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.