
“ශ්‍රී ලංකාව” පදිංචි වීමට ලොව සුදුසුම රට බවට පත්වෙයි
දූවා දරුවන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ලෝකයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් සඟරාව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.
තම පවුලත් සමග වෙනත් රටකට සංක්‍රමණය වීමේදී කරුණු රාශියක් සළකා බැලිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසයි.
සංක්‍රමණය වන රටේ සංස්කෘතිය කෙබඳුද?, රැකියාවක් සොයා ගැනීම කෙතරම් පහසුද?, සම්බන්ධ වන ප්‍රවාහන පහසුකම් කෙබඳුද? යන ප්‍රශ්න වලට සංක්‍රමණය වීමට පෙර පිළිතුරු ලබාගත යුතු බවත් එපමණක් නොව සංක්‍රමණය වන රටේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ අධ්‍යාපන පද්ධතිය කෙබඳුද යන ප්‍රශ්න වලටද පිළිතුරු සෙවිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව ප්‍රකාශ කර තිබේ.