ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ නිවසට අයුතු ලෙස ඇතුල්වී සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අශේන් බණ්ඩාර හා අදාළ පුද්ගලයා යාබද නිවෙස්වල පදිංචිකරුවන් වන අතර, අශේන් බණ්ඩාර සිය මෝටර් රථය මාර්ගය අවහිර වන පරිදි නවතා තිබීම හේතුවෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත.

පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (08) සිදුකර තිබූ අතර, මේ වන විට ඔහු ඇප මත මුදාහැර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

ඔහුව යළි ලබන 12 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.