දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ලකුණු 57 ට කඩුලු 1 යි

දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ලකුණු 57 ට කඩුලු 1 යි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 88ක් ලබා ගත්තේය.

මෙය ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්තය දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර, ගාල්ලේදී කණ්ඩායමක් දැවීගිය 04වැනි අඩුම ලකුණු සංඛ්‍යාවද විය.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 602ට වඩා ලකුණු 514ක් පසුපසින් සිටී.

නවසීලන්තය වෙනුවෙන්, Mitchell Santner ලකුණු 29ක්ද, Daryl Mitchell ලකුණු 13ක්ද, Rachin Ravindra ලකුණු 10ක්ද රැස් කළේය.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රබාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 06ක් බිඳ දැමීමට සමත් විය.

මේ අතර සිය ප්‍රථම ටෙස්ට් තරගය ක්‍රීඩා කළ නිශාන් පීරීස් ලකුණු 33කට කඩුලු 3ක්ද, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.

මේ වන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක කඩුල්ලක් දැවී ලකුණු 57 ක් ලබා සිටී.