ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 77ක් ලබා ගත්තා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු විස්සේ සීමාව පසු කරගෙන යාමට හැකියාව ලැබුණේ නැහැ.

ලකුණු 78ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.