ශ්‍රී ලංකා – අයර්ලන්ත තරඟයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා – අයර්ලන්ත තරඟයට වර්ෂාවෙන් බාධා

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

තරගය නතර කරන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 357ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙන නිශාන් මධුසංඛ නොදැවී ලකුණු 149ක් රැස්කර ගැනීමට සමත් විය.

නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 83කි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස්කර ගැනීමට සමත් විය.

මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 492කි.

ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකා පිල අයර්ලන්ත කණ්ඩායමට වඩා ලකුණු 135ක් පසුපසින් සිටියි.

Share This