බංග්ලාදේශ – ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ – ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 28කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි විස්සයි20 තරගයද ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත විස්සයි0 තරගාවලියද 2-1ක් ලෙස ජයගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 174/7ක් රැස්කිරිමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට රැස් කළ හැකිවූයේ ලකුණු 146ක් පමණි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක්ද සමගින් ලකුණු 20ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කිරීමට සමත්වූයේ හතරේ පහර හයක් හා හයේ පහර හයක් සමගිනි.

තරගාවලියේදී ඔහු ලකුණු 181 රැස් කළ අතර ඒ අනුව ඔහු තරගාවලියේ වීරයා ලෙසින්ද සම්මාන ලැබීය.