ශ්‍රී ලංකා කාන්තා පිලට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා කාන්තා පිලට විශිෂ්ඨ ජයක්

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (12) සමත් විය.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.3කදී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

චමරි අතපත්තු තම 7 වන 20 අර්ධ ශතකය ද වාර්තා අතරට එක් කර ගනිමින් පන්දු 47කින් වේගවත් ලකුණු 80ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ද සමගිනි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 49යි. ඇයගේ ලකුණු අතරට හතරේ පහර 7ක් ද ඇතුලත් විය.

තරග 3කින් සමන්විත මෙම පන්දුවාර 20 තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජය හිමිවූයේ නවසීලන්ත කාන්තා කණ්ඩායමටය.

දෙරට අතර පැවති එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතු විය.