![කෝච්චියේ ස්පා වීඩියෝව ගැන දුම්රිය දෙපාර්තමේන්තුව කනස්සල්ලෙන් කෝච්චියේ ස්පා වීඩියෝව ගැන දුම්රිය දෙපාර්තමේන්තුව කනස්සල්ලෙන්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/train-spa.jpg?quality=100&f=auto)
කෝච්චියේ ස්පා වීඩියෝව ගැන දුම්රිය දෙපාර්තමේන්තුව කනස්සල්ලෙන්
දුම්රියක් තුළ සංචාරකයින් පිරිසක් සඳහා සම්බාහන පහසුකම් සපයන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
එම වීඩියෝව සම්බන්ධයෙන් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව අවදානය යොමුකර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ.
මෙම ක්‍රියාව හේතුවෙන් දුම්රියට යම් අලාභ හානියක් සිදු වී ඇත්දැයි පරීක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
එම පරීක්ෂා කිරීමේ දී යම් අලාභ හානියක් සිදුව ඇත්නම් එය දුම්රිය ලබාගත් ආයතනවලින් අයකර ගැනීමට ක්‍රියාමර්ග ගන්නා බව ද දුම්රිය සාමාන්‍යධිකාරිවරයා මාධ්‍ය හමුවේ අද (17) සඳහන් කළා.
පිළිමතලාව සිට කොළඹ දක්වා ගමන් කළ දුම්රියක් තුළ මෙම සම්බාහන සේවාව පත්වා ඇති අතර, පෞද්ගලික ආයතනයක් මුදල් ගෙවා මෙම දුම්රිය වෙන්කරවාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම සම්බාහන සේවාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සාමාන්‍ය දුම්රියක මෙම ක්‍රියාව සිදුව නොමැති බවත්, මුදල් ගෙවා වෙන්කර ගත් විශේෂ දුම්රියක් තුළ මෙය සිදුව ඇති බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.