පොහොට්ටුවේ විනය මණ්ඩලය කැඳවයි

පොහොට්ටුවේ විනය මණ්ඩලය කැඳවයි

පක්ෂයේ තීරණයට එරෙහිව ගිය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා හා පළාත් පාලන සභිකයින් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු එම විනය මණ්ඩලය කැඳවනු ඇති බවයි, වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ, මේ වනවිට අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පක්ෂය හැරගොස් ජනාධිපතිවරණයේ විවිධ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණු මතය සමග යමින් මන්ත්‍රීවරුන් 42ක් තවදුරටත් රැඳී සිටින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.